Spread the love

බදු ගෙවීම පැහැර හැරීම මුල්‍ය විශුද්ධිකරණය යටතට ගැනෙන වරදක් බවට පත් කිරීමට නීති ගෙන ඒමට රජය සූදානම් වෙයි.

ඒ අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතට සංශෝධන ගෙන ඒමට නියමිතව ඇත.

දැනටමත් ඊට අදාළ සංශෝධන නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර තිබේ.

ඒ යටතේ බදු නොගෙවා සිටින්නන් සම්බන්ධයෙන් මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකය සපයන තොරතුරු මත විමර්ශන ආරම්භ කරනු ලබයි.

විමර්ශන මගින් වරදක් කර ඇතැයි තහවුරු වුවහොත් නීතිපතිවරයා හරහා නඩු පැවරීමට කටයුතු කිරීමට නියමිතව ඇත.