Spread the love


නිමල් රාජපක්ෂ-

බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් ( MOP) පොහොර මිටියක් රුපියල් 9000 හට අලෙවි කළයුතු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නැයි රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය.

මේ වනවිට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 27,000ක් රජයට අයත් පොහොර සමාගම් දෙක සතුව පවතින අතර යුරියා පොහොර ද සියලුම ගොවි සේවා මධ්‍යස්ථාන වෙත ලබා දී ඇත.

මේ නිසා යුරියා පොහොර හා බණ්ඩි පොහොර මිටියක් රුපියල් 9000ක් වශයෙන් අලෙවි කිරීමට කටයුතු යොදා ඇති අතර බණ්ඩි පොහොර සඳහා වන මිල ගණන් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල ලෙස නම් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුනි.