Spread the love


නිමල් රාජපක්ෂ-

පෞද්ගලික විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා දරුවන් පන්දහසකට රජය මගින් රුපියල් නව ලක්ෂයක ණය මුදලක් පොලී රහිත ව ලබන සතියේ සිය නැවතලබා දීමට හැකිවන බව වැඩ බලන මුදල්ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි..

මේ සදහා අදාළ කැබිනට් පත්‍රිකාව මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

ඒ යටතේ රුපියල් ලක්ෂ නවයක පොලී රහිත ණය මුදලක් සිසුන්ට හිමි වන අතර එය ගෙවා දැමීම සඳහා වසර දෙකක සහන කාලයක් ද හිමි වේ. අමාත්‍යවරයා සඳහන් කළේ රටක ඇති හොඳම ආයෝජනය අධ්‍යාපනය බැවින් රජය අසීරු අවස්ථාවල පවා අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබා දෙන බවයි. රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ වර්ණ ප්‍රදානෝත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ය.