Spread the love

පෝය දෙකක් යන්නට පෙර ඉවර කර දමන බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාල කල්ලි සාමාජයෙකුගෙන් තර්ජන එළවී තිබේ.

ඒ අද දිනයේ පැවති ‘ස්ථාවර රටක්’ මාධ්‍ය හමුව අවසා අවසානයේදීය.

අදාළ දුරකථන සංවාදයේ හඬ පටයද ඔහු එහිදීම මාධ්‍ය වෙත නිකුත් කරන ලදී.

සාකච්ඡාව අවසානයේ අමුත්තන් ගේ කාමරයට ටිරාන් අලස් මහතා රැගෙන ගියේ තේ පැන් සංග්‍රහය සදහාය. ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරින් සමග තේ පානය කරමින් සිටින අතර හරියටම මධ්‍යහන 12.08ට ටිරාන්ගේ දුරකතනයට ආ ඇමතුමකට අමාත්‍යවරයා ආවේගශීලී ලෙස විසින් පිලිතුරු දෙන ආකාරය දෙස සියලු දෙනා කෘතුහලයෙන් බලා සිටින බව දුටු ඔහු සිය දුරකථනයේ ස්පීකර් ඔන් කලේය.

සැනින් ක්‍රියාත්මක වූ මහිදානන්ද අමාත්‍ය වරයාගේ මාධ්‍ය ලේකම් සිය දුරකථනයෙන් එම සංවාදය පටිගත කරන ලදී.

මාධ්‍ය සාකච්ඡාව අවසන්වී විනාඩි පහක් යන්නත් පෙර විදේශ රටක සිට මරණ තර්ජන කරන්නට තරම් පාතාලය ටිරාන් ගැන අවධානයෙන් සිටින ආකාරය පිලිබද කතා කල සැවොම ටිරාන්ට සිය ආරක්ෂාව පිලිබද සැලකිලිමත් වන ලෙස ඉල්ලීමක් ද කලා.

කෙසේ වෙතත් ටිරාන් අලස් මහතා පැවසුවේ,

‘මොන තර්ජන ආවත් මේක මම නවත්වන්නෙ නෑ. මට ජනාධිපතිතුමා උපදෙස් දුන්නෙත් එහෙම යනුවෙන්‘

එම දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයා මුලින්ම විමසා සිටියේ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පාතාල නායකයන් මරාදමන බවට තර්ජනය කලේ කෙසේද යන්නය.

තමා ප්‍රකාශ කලේ එවැන්නක් නොව පාතාලයට එරෙහි මෙහෙයුමේදී පාතාලය පොලීසියට එරෙහිව ක්‍රියාත්මක වීමට උත්සාහ කලහොත් එවිට උපරිම බලය යෙදීමට පසුබට නොවන බව පමණක් යන්නය.

එහෙත් ඇමතුමකරු දිගින් දිගටම ප්‍රශ්න කරමින් අමාත්‍ය වරයා එසේ ප්‍රකාශ කලබව පවසන විට අමාත්‍ය වරයා කවුද ඔයාට කිව්වෙ කියා විමසූ විට ඔහු අජිත් නැමති අයෙකුගේ වාර්තාවක් පිලිබද සදහන් කලේය.

එවිට අමාත්‍ය වරයා ඔය එක එක්කෙනාගෙ කතා අහල කතා කරන්න එපා , මම කිව්වදේ හරියට අහල කතා කරන්න කීවිට ඇමතුම්කරු තව පෝය හතෙන් අපි ඔයාගැන බලගන්නම් කියා පවසන ලදී

එවිට අමාත්‍යවරයා පෝය හතක් නෙමේ දෙකෙන් මම මේක ඉවර කරන්නම් , පුලුවන් දෙයක් කරන්න යැයි පවසන ලදී .

අදාල ඇමතුම්කරු ඉන්පසු මීට පෙර ආයුධ පෙන්නන්න ගොස් අපරාධකරුවන් මරා දැමූ සිදුවීම් ගැන කතා කිරීමට ගත් අතර අමාත්‍ය වරයා පරණ කතා මම දන්නෙ නෑ මම මේ මෙහෙයුම කරන්නෙ නීතයානුකූල ක්‍රමයට , හැබැයි මොන බලපෑම් ආවත් නවත්තන්නෙ නෑ පුලුවන් දෙයක් කරන්න පවසමින් දුරකතනය විසන්ධි කරන ලදී