Spread the love

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ සහාය ලැබෙනු ඇති ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පැවැත්වෙන සාකච්ඡා මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත.

ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණ මේ වන විට සඳහන් කර ඇත්තේ තම සහාය ඉදිරි ජනාධිපතිවරණයේදී හිමිවන්නේ පක්ෂයේ ප්‍රතිපත්තියට එකඟ වන හා රට ගොඩනැගිය හැකි අපේක්ෂකයෙකු වෙත බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීන්දුව ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සිදු කිරීමට නියමිතව ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාත් අතර පසුගිය සතියේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වී තිබේ.