Spread the love

නිමල් රාජපක්ෂ –

මෙවර පොසොන් උත්සවයට උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මහව දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කොට ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනා ගමන එන්.ජේ ඉදිපොලගේ මහතා පවසයි..

දුම්රියෙන් මහවට ගමන් කිරීමෙන් අනතුරුව මහව සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරමින් වන්දනාකරුවන් අනුරාධපුරය දක්වා රැගෙන යාමට සැලසුම් කර තිබේ.

එසේම අනුරාධපුරය සිට මිහින්තලය දක්වාද විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.