Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා මාර්ගයේ රථවාහන හැසිරවීමේ නිරත වෙමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමග අනුරාධපුර රැබෑව ප්‍රදේශයේදී ආරවුලක් ඇති කරගෙන ඇත.

ඔහුගේ වාහනයේ නිත්‍යානුකූල නොවන ආකාරයේ විදුලි පහන් දල්වාගෙන අනෙක් වාහනවලට බාධාවන ලෙස ධාවනය කිරීම මත පොලිසිය විසින් එම වාහනය නවත්වා ඇත.

නමුත් එහිදී මන්ත්‍රීවරයා පවසන්නේ තම රාජකාරිය පොලිසියේ රාජකාරී වලට වඩා වැදගත් බවත් ඒ එනිසා තමන්ට තමන්ගේ වාහනය පොලිසියට නැවැත්විය නොහැකි බවයි.

මන්ත්‍රීවරයා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සමඟ බහින් බස් වීමක් ඇති කර ගෙන ඇති අතර පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරයාගේ හැඳුනුම්පත ඉල්ලා ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කරමින් කඩාකප්පල්කාරී ලෙස හැසිරී ඇත.