Spread the love

යාපනය අල්වායි ප්‍රදේශයේදී තියුණු ආයුධ ගත් පිරිසක් විසින් සිදුකරන ලද පහරදීමකදී තරුණයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි නෙල්ලිඅඩි පොලීසිය පැවසීය.

පහරකෑමට ලක් වූ තරුණයා ඊට පෙර යාපනය වඩමාරච්චි ප්‍රදේශයේදී අයික්‍රීම් අලෙවිකරමින් සිටින අතරවාරයේදී යතුරුපැදි වලින් පැමිණි පිරිසක් විසින් අයිස්ක්‍රීම් මිලට ගන්නා මුවාවෙන් තරුණයා සතු වූ මුදල් හා ජංගම දුරකතනය කොල්ල කා පලා ගොස් ඇත.

අනතුරුව ඒම තරුණයා අදාල කොල්ල කල්ලිය පිළිබඳව නෙල්ලිඅඩි පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට නැවත නිවස බලා යමින් සිටින අතරවාරයේදී අල්වායි ප්‍රදේශයේදී යතුරුපැදිවලින් පැමිණි නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී පලා ගොස් ඇත.