Spread the love

කඳාන පොලීසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී අද (30) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

කඳාන ප්‍රදේශයේ හෝටලයක් පොලීසියේ බාධාවලින් තොරව පවත්වාගෙන යෑම සඳහා අදාළ පොලිස් නිලධාරියා විසින් රුපියල් ලක්ෂයක් ඉල්ලා ඇති අතර ඊට අදාළ රුපියල් 75,000ක මුදලක් ලබාගැනීමට යෑමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.