Spread the love

නාරම්වලදී පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරින්ගේ සේවය තාවකාලිකව අත්හිටවූ බව පොලිසිය පවසයි.

ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය එලෙස අත්හිටුවා තිබේ.

වෙඩිතැබීමෙන් පසු අත්තඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ඊයේ (19) පස්වරුවේ කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි.

පෙරේදා (18) පස්වරුවේ සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලොරි රථයක් නතර කරන ලෙස සංඥා කර තිබේ.

අණ නොතකා ධාවනය කර මෝටර් රථය ලුහු බැද ගිය පොලිසිය එය දම්පැලැස්ස ප්‍රදේශයේදී නතර කර ගෙන තිබිණි.

එහිදී උප පොලිස් පරීක්ෂකවරයෙකු රියදුරුගේ හිසට පිස්තෝලයක් එල්ලකර අවස්ථාවේ එය ක්‍රියාත්මක වී ඇතිබව වාර්තාවේ.

වයස අවුරුදු 40ක් වූ ලොරි රථයේ රියදුරු එලෙස මියගොස් තිබේ.