Spread the love

මුල්කිරිගල – ගුණරත්න

බීමත්ව තම බිරිඳට පහරදුන් පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනිමට ගිය පොලිස් නිළධාරින් දෙදෙනෙකු සපා කා තුවාල සිදුකිරිමේ සිද්ධියක් තංගල්ල පොලිස් වසමෙන් වාර්තාවෙයි.
සිද්ධිය වී ඇත්තේ මෙසේයි.

බීමත් පුද්ගලයෙකු තම බිරිඳට පහරදී කෲර වද හිංසා සිදුකරන බවට (25) සවස පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) ලැබුණු දුරකථන ඇමතුමක් අනුව මුර සංචාරයේ යෙදුනු පොලිස් නිළධාරින් පිරිසක් එම ස්ථානයට ගොස් තිබේ . ඒ වනවිටත් බීමත් පුද්ගලයා බිරිඳට පහරදෙමින් සිටි බවත් පහරදීම වලක්වා ඔහු අත් අඩංගුවට ගැනිමට තැත් කිරීමේදී මෙලෙස පොලිස් නිළධාරින් සපා කා පලායාමට තැත්කර ඇතැයි පොලිසිය කියයි . බීමත්ව සිටි සැකකරු පොලිස් සැරයන්වරයෙකුගේ කම්මුල සපා කා ඇති අතර පොලිස් කොස්තාපල්වරයෙකුගේ දකුණු අතේ මැදගිල්ල සපා කා තිබේ. වහාම ක්‍රියාත්මක වු පොලිස් නිලධාරීන් සහායක පොලිස් කණ්ඩායමක් ගෙන්වා සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර නිවස සෝදිසි කිරීමේදී වියළි ගංජා ග්‍රෑම් 10 ක් සොයාගත් බව පොලිසිය පවසයි .

39 හැවිරිදි සැකකරු වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගිය යුද හමුදා සෙබෙලෙකු බවද පොලිසිය කියයි .
සපා කෑමෙන් තුවාල ලැබූ පොලිස් නිළධාරින් දෙදෙනා ප්‍රතිකාර සදහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ .
සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය .
තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාධිපති මහතා ඇතුළු නිළධාරින් සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි.