කටුගස්තොට පොලිස් වසමේ කටුගස්තොට පාලමෙන් තරුණියක් මහවැලි වැටී ඇති බවට එම ස්ථානයට ආසන්නයේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල් 103984 හේරත් නිලධාරියාට ප්රදේශවාසීන් විසින් සිදුකල දැනුම්දී ඇත.
ඒ අනුව වහාම ක්රියාත්මක වූ එම නිලධාරියා ද පාලම මතින් මහවැලි ගඟට පැන එම තරුණිය බේරාගෙන ඇත.
මෙලෙස දිවි බේරාගත් තරුණිය වයස අවුරුදු 21 ක් වන කටුගස්තොට ප්රදේශයේ පදිංචිකාරියකි.
එම තරුණිය මේ වන විට වැඩිදුර ප්රතිකාර සඳහා කටුගස්තොට රෝහලට ඇතුළත් කර ඇත.