Spread the love

මාතර දෙවිනුවර ඔරලෝසු කනුව ආසන්නයේදී ත්‍රිරෝද රථයක ගමන්කරමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සිය රථයේ ගමන්මගට බාධා කළ බව පවසමින් විදෙස් රටක සිට මෙරටට පැමිණි කාන්තාවක් පොලිස් නිලධාරියකුට පරුෂ වචනයෙන් බැන වැදී පොලිස් කාන්තාවට පහරදුන් ශ්‍රි ලාංකික කාන්තාවක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල කාන්තාව ගමන් කල සුභෝගභෝගි ජීප් රථයෙන් බැස මෙම පහර දිම සිදු කොට තිබේ. පසුව පොලිස් නිලධාරින් ගේ දැනුම් දීමකට අනුව දැනුම්දීමකට අනුව ගන්දර පොලිස් ස්ථානය ආසන්නයේදී අදාළ කාන්තාව ගමන්කරමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය පොලිස් නිලධාරීන් විසින් නවත්වාගෙන ඇත.

එම අවස්ථාවේදී අදාළ සැකකාර කාන්තාව විසින් පොලිස් නිලධාරිනියකට කළ පහරදීමක් හේතුවෙන් අදාළ නිලධාරිනිය රෝහල්ගතකර ඇත.

පසුව සැකකාර කාන්තාව ගන්දර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අදාළ ජීප් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

අදාල කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ගන්දර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.