පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන වලින් සිදුවන රිය අනතුරු අවම කර ගැනීම සඳහා උත්සව සමය මූලික කරගෙන විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
මෙම මෙහෙයුම් මඟින් දුර ගමන් සේවා බස් රථ රියදුරන් මාර්ග නීති උල්ලංඝණය කරමින් අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇති අතර, මේ සම්බන්ධව එම බස් රථවල ගමන් ගන්නා මඟීන් ගෙන් ද සාර්ථක තොරතුරු පොලිසිය වෙත ලබාදී ඇත.
මගී බස් රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් නිලධාරින් රාජකාරි යොදවා දුර ගමන් සේවා බස් රථවල සැලකිය යුතු දුර ප්‍රමාණයක් ගමන් කර රියදුරන් විසින් අපරික්ෂාකාරි රිය ධාවනය, ජංගම දුරකථන භාවිතා කරමින් රිය ධාවනය, පදික මාරු මතින් වාහන ඉස්සර කිරීම සහ අධික වේගය ඇතුළු රථවාහන වැරදි සම්බන්ධව නිරීක්ෂණය කිරීමට කටයුතු කර ඇත.
ඉන්පසු ඉදිරි ස්ථානයකදී නිල ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් එම බස් රථ නවත්වා සිදු කරන ලද රථ වාහන වැරදි පිළිබඳ අදාල රියදුරන් දැනුවත් කර ඔවුන්ට එරෙහිව නීත්‍යානූකූලව කටයුතු කිරීම සිදුකරනු ලබයි. මගීන්ගේ ආරක්ෂාව සඳහා මෙම මෙහෙයම් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.