Spread the love

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා. ඔහුගේ සේවා කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන 26 වනදායි.

ඒ අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඔහුගේ විශ්‍රාම වැටුප් ගොණුව සකස් කර අවසන් කර තිබුණා. එහෙත් එම විශ්‍රාම වැටුප් ගොණුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පොලිස් සුබසාධන කොට්ඨාශය විසින් මේ දක්වා ලබාදී නොමැති බවටයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේ.