Spread the love

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන නුවන් වනිගසේකර නොහොත් “මීගොඩ පොඩි චව්වා” නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ගොඩගම පාදුක්ක මාර්ගයේ බස් නැවතුම්පොලක් අසලදීය.

රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 57යි මිලිග්‍රෑම් 170ක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු දිවයින පුරා සිදුකරන ලද මංකොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතන, වාහන පැහැරගැනීම්, බියවැද්දීම්, කප්පම් ගැනීම් වැනි අපරාධ රැසකට වරදකරුවී වසර 17ක් බන්ධනාගාරගතව සිට නිදහස් වී පැමිණි අයෙකි.

අනතුරුව සැකකරු මෙම අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම බන්ධනාගාරගතව සිටින අයෙකුගේ උපදෙස් මත සිදුකරගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණයවූ බව පොලීසිය කියයි.

සැකකරු 40 හැවිරිදි මීගොඩ, දහම් මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.