Spread the love

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය සඳහා බැතිමතුන් රැගෙන එන රථවාහන නියමිත ස්ථාන වල පමණක් නතර කරන ලෙස කතරගම පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

ඇතැම් රියදුරන් පුදබිම ආසන්නයේ මාර්ගය අසළ නතර කිරීමට හුරුවී සිටියි.

ඒ හරහා අනෙකුත් වාහන ගමන් කිරීමට ද බාධා මතුව තිබේ.

ඒ හේතුවෙන් පුද බිම අවට ස්ථාපිත කර ඇති රථගාල් වල පමණක් නතර කරන ලෙස දැනුම් දෙයි.

මේ අතර රථගාල් තුළ වාහන නතර කරද ඒවායේ දොර ජනෙල් නිසියාකාරව අඟුළු දමා යන ලෙස කතරගම පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

කතරගම ඇසළ පෙරහැර මංගල්ලය ලබන (06) සෙනසුරාදා සිට 22 දක්වා පැවැත්වීමට නියමිතයි.