Spread the love

පූර්ණ සූර්යග්‍රහණයක් අද (08) පස්වරුවේ සිදුවීමට නියමිතයි.

මෙම සූර්යග්‍රහණය මෙරට වේලාවෙන් රාත්‍රී 9.12ට ආරම්භ වී, පසුදින අලුයම 2.22ට අවසන් වෙනු ඇත..

මෙම සුර්යග්‍රහණය ශ්‍රී ලංකාවට නොපෙනෙන අතර බටහිර යුරෝපයේ, උතුරු අමෙරිකාව, පැසිෆික් සාගරය, අත්ලාන්තික් සාගරය සහ ආක්ටික් ප්‍රදේශයේ රටවලට දෘශ්‍යමාන වීමට නියමිතයි

ඉතාමත් කලාතුරකින් දැකගත හැකි වන පූර්ණ සූර්ය ග්‍රහණයක් නැවත දැකගැනීමට හැකිවන්නේ 2044 දී බව නාසා ආයතනය සඳහන් කර ඇත.

.