Spread the love

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු තැපල් දුම්රියට පැනිමෙන් නාදුනන පුද්ගලයකු මිය ගොස් ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු පවසන ලද්දේ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු අංක 1046 දරණ රාත්‍රි තැපැල් දුම්රියට පැනිමෙන් පිරිමි පුද්ගලයකු මිය ගොස් ඇති බවත්ය.

මෙම පුද්ගලයා වයස අවුරුදු 45ක් පමන අයකු බවට සැකකරන බවත් මෙම අය 29වන දින අළුයම් කාලයේදි හැටන් දුම්රිය ස්ථානය අසලදි මෙසේ දුම්රියට පැන සිය දිවි හානි කර ගෙන ඇති බවත් මෙම පුද්ගලයා පිලිබදව මේ වන තෙක් අනන්‍යතාවය හෙලි කර ගැනිමට නොහැකිවි ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ දුම්රියට පැන දිවි හානි කරගත් අය පිලිබදව මේ වන තෙක් නිසි තොරතුරක් නොමැති බවත් එම අයගේ මල සිරුර පශ්චාත් මරණ පරික්ෂනය සදහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ගෙන යාමට පියවර ගත් බවත්ය.