Spread the love


නිමල් රාජපක්ෂ

බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.45 ට කොළඹ කොටුව දක්වා ධාවනය වු අංක 1016 දරණ උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය අද දහවල් උලපනේ දුම්රිය ස්ථානයට ඇතුලත් කිරීමේ දී දුම්රිය මාර්ගයේ පයින්ටු මත දී දුම්රියේ එංජිම හා තවත් මැදිරියක් පීලි පැනීමකට ලක්ව ඇත.

පිලී පැනීමෙන් දුම්රිය මාර්ග දෙකටම අලාභ හානි සිදුවී ඇති බැවින් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වලට බාධා මතුව ඇතැයි නි‍යෝජ්‍ය සමාන්‍යාධිකාරී ගමනා ගමන එන් .ජේ .ඉදිපොලගේ මහතා පවසයි.

මේ වනවිටත් දුම්රිය පිලිගත කිරීම සදහා මාර්ග හා කර්මාන්ත අංශයේ සේවකයින් පිටත් කර එම ස්ථානයට යැවිමට පියවර ගෙන තිබේ.
දුම්රිය පිලී පැනිමත් සමගින් සවස 4.35 ට කොළඹ කොටුවෙන් නුවර ට ගොස් නාවලපිටිය බාල ධාවනය වන දුම්රිය ගම්පොල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට පියවර ගන්නා බවද ඉදිපොලගේ මහතා පැවසුවේය.

දුම්රිය පිලි ගත කොට මාර්ගය පිළිසකර කිරීමට හැකි වුවහොත් රාත්‍රි තැපැල් දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බවද ඉදිපොල ගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.