Spread the love

දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (20) පස්වරු 06.00 වන විට දිස්ත්‍රික්ක 08 අයත් පුද්ගලයන් 33493 දෙනෙකු පීඩාවට පත්ව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවුල් 8974 දෙනෙකුට අයත් පුද්ගලයන් එලෙස පීඩාවට පත්ව සිටියි.

රත්නපුර ,කෑගල්ල ,අනුරාධපුර ,මහනුවර ,ගාල්ල ,කළුතර ,යාපනය ,පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 43කින් එලෙස ආපදා වාර්තා වෙයි.

පවුල් 537 පුද්ගලයන් 1775 දෙනෙකු ආරක්ෂිත කැඳවුම්කරු 10 රැදීසිටියී.

ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබේ.

ආපදා හේතුවෙන් අර්ධ නිවාස හානි 80ක් වාර්තා වී තිබේ.

ගල් පෙරලීම් ,ගස් කඩා වැටීම්,තද සුළං,ජල ගැලීම් හා අකුණු ගැසීම් හේතුවෙන් එම අනතුරු සිදුව ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.