Spread the love

දඹුල්ල මහා නගර සභාවේ කම්කරුවෙකු රැකියාවක නියුතු ආදේශක කම්කරු පාලක වරයකුවන චන්න ඔපාත නැමැත්තා ඔහුගේ ගම් ප්‍රදේශයේ තිත් කුඩා දරුවන් අපයොජනය කරණ බවට ජාතික ළමාරක්ෂක අධිකාරියට ලද පැමිණිල්ලක් මත දඹුල්ල පොලිස් ළමාරක්ෂක ඒ්කකය මගින් සිදුකල විමර්ෂණයකින් පසු පසුගිය සේනසුරාදා 28 සිට අත්වඩංගුවට ගැනිමට නොහැකි විය.

පසුව ඊයේ 29 සදුදා දඹුල්ල පොලිසියට භාර විමෙන් පසු අද 30 දඹුල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩ බලන මහෙස්ත්‍ත්‍රාත් වරයා විසින් සැකකරැ 5 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කලේය.

මෙම පුද්ගලයා චන්න ප්‍රියන්ත ඔපාත නම්වන අතර මොහු දඔුල්ල හිටපු නගරාධිපතිගේ (ජලිය හේමන්ත ඔපාත) වැඩිමහල් සහොදරයකු වෙ.

මෙම පුද්ගලයා ශ්‍රිලංකා යුධහමුදාවේ සේවය කල පුද්ගලයකුද වන අතර ප්‍රබල දේශපාලන සබදා සහිත පුද්ගලයෙකි. සිද්ධිය පිලිබදව වැඩිදුර පරික්ෂණ තව දුරටත් සිදු කරයි

මෙම පුද්ගයා සේවය කරණ දඹුල්ල මහා නගර සභාවේ වැඩ බලන කොමසාරිස් මාතලේ සහකාර පලාත්පලාන කොමසාරිස් වරයා පැවසුවේ අදාල පොලිස් වාර්තා පදනම් කරගෙන මෙම සේවයාට අායථන සංග්‍රහය අනුව නිසි ආකාරයට කටයුතු කරණ බවයි