Spread the love

තම එකම පුතු භාවනා මධ්‍යස්ථානයක් බව කියනු ලබන ස්ථානයක බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරියක විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.එම්.රත්නායක මහතාගේ උපදෙස් අනුව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක අංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරියක වන දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිව සිටින කාන්තාවක් විසින් මෙම පැමිණිල්ල කර තිබෙන අතර කුරුණෑගල දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක රාගම සුගතානන්ද හිමියන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද සමඟ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පසුගියදා එම ස්ථානයට ගොස් තිබේ.

එහිදී කළ සොයා බැලීම් වලදී අනාවරණය වී තිබුණේ ඉන්දියාවේ කේරළයේ උපන් කතෝලික ලබ්ධිකයෙකු වන ද්‍රවිඩ ජාතිකයෙකු මෙරටට පැමිණ කතෝලික ආගම අතහැර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට ඇතුළත්ව පැවිදිවී මෙම භාවනා මධ්‍යස්ථානය ආරම්භ කර ඇති බවය.

එසේ ආරම්භ කරන ලද මෙම භාවිනා මධ්‍යස්ථානය සඳහා මෙතෙක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිය ලබාගෙන නොමැති අතර ඒ අනුව අනුමැතියකින් තොරව පෞද්ගලිකව පවත්වාගෙන යන භාවනා මධ්‍යස්ථානයක් බවද මෙහිදී අනාවරණය වී තිබේ.

එසේ ආරම්භ කරන ලද මෙම භාවිනා මධ්‍යස්ථානය සඳහා මෙතෙක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිය ලබාගෙන නොමැති අතර ඒ අනුව අනුමැතියකින් තොරව පෞද්ගලිකව පවත්වාගෙන යන භාවනා මධ්‍යස්ථානයක් බවද මෙහිදී අනාවරණය වී තිබේ.

මේ ස්ථානයේ පැවිදිවී සිටින පිරිසගේ නිවැරැදි තොරතුරු පවා අනාවරණය කර ගැනීමට එහි ගිය නිලධාරීන් පිරිසට නොහැකිවී ඇති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන බව පැවසුවද මෙතෙක් එම තොරතුරු අදාළ අංශ වෙත ලබාදී නැති බවද වාර්තාවේ.