Spread the love

වයස අවුරුදු 14 ක් වූ පාසල් අධ්‍යාපනය ලබන බාල වයස්කාර දැරියක් 20 උදෑසන සිට නිවසින් අතුරුදහන්වී ඇතැයි විශ්‍රාමික ආබාධිත හමුදා සෙබල පියෙක් අලුත්ගම පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම දැරිය නිවසේ තිබූ ජංගම දුරකථන දෙකක් සහ තම පියාගේ කමිස සාක්කුවේ තිබූ රුපියල් 3600ක් සහ ඇගේ ඇඳුම් කිහිපයක් ද රැගෙන ගොස් ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

විශ්‍රාමික ආබාධිත හමුදා සෙබලා දරුවන් සිව් දෙනෙකුගේ පියෙකු වන අතර ඔහුගේ වැඩිමහල් දරුවා මෙලෙස නිවසින් අතුරුදන් වී ඇති බවත් මුහුණු පොතෙන් හඳුනාගත් බව කියන කැළණිය ප්‍රදේශයේ තරුණයකු සමග හිතමිතුරුකමක් පවත්වා තිබෙන බවට තොරතුරු ඇතැයි ද අතුරුදහන් සිසුවිය ඉගෙනුම ලබන පාසලේ මිතුරියකට මෙම පෙම්වතා පිලිබඳ තොරතුරු පවසා ඇති බවට දැනගන්නට ඇතැයි ද පොලිසිය පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.

මේ වන විට එම ජංගම දුරකථන වලට ඇමතුම් ගත්තත් ප්‍රතිචාර නොදක්වන බව පොලිසිය කියයි.

මෙම දැරියගේ මව විදෙස්ගතව මාස තුනක පමණ කාලයක් ගතව ඇති බවත් පියා සමග අවුරුදු 12, 10 සහ 8 වයස්වල පාසල් අධ්‍යාපනය ලබන අනෙකුත් දරු තිදෙනා ජීවත් වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ සිදු කරයි.