Spread the love

ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් මාවතුර කලෛමහල් දෙමළ විද්‍යාල භූමියේදී සිදුවූ පිපිරීමකින් සිසුන් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුළු කර තිබේ.

පාසල් කාලය තුළදී මෙම සිසුන් තිදෙනා එළියට පැමිණි අවස්ථාවේදී බෝලයක් වැනි යමක් දැක ඇති අතර එහිදී එක් සිසුවෙකු එයට පා පහරක් එල්ල කර ඇත.

එහිදී එය පුපුරාගොස් ඇති අතර පිපිරීමත් සමග සිසුවාගේ සපත්තුව කැඩී ගොස් පාදයට හානී සිදුවී තිබේ.

එලෙස පුපුරා ගියේ කුමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය පිළිබද ගම්පොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි