Spread the love

මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝග්‍රෑම් 1000ක් පිටකොටුව ආදුරුප්පු වීදියේ ප්‍රසිද්ධ ආහාර ආනයන ආයතනයකට අයත් ගබඩාවක තිබී පාරිභෝගික අධිකාරිය වටලා තිබේ.

වැටලීම සිදුකළ අවස්ථාවේ පරිප්පු තොගය දිලීර ඉවත්කොට නැවත සකස්කර වෙළෙඳපොළට යැවීම සඳහා ඇසුරුම්කරමින් තිබූ බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ පරිප්පු තොගය සිය භාරයට ගෙන ඇති අතර ඒ පිළිබඳ විමර්ශන සිදුකර නඩු පැවරීමට නියමිතයි.