Spread the love

නොගෙවා පැහැර හැර ඇති බදු ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයක් පමණ වන බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය වෙයි.

දැනට එකතු කර ගෙන ඇත්තේ රුපියල් බිලියන 175 ක තරම් බදු ප්‍රමාණයක් බව ද,  රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට ප්‍රමාණවත් තරමේ මුදලක බදු අයකර ගත නොහැකිව සිර වී ඇති බව ද එහිදී හෙළිවිය.

ටියුෂන් පන්ති, නීතිඥ ගාස්තු යනාදියෙන් බදු අයකර ගැනීම සදහා නිශ්චිත ක්‍රමවේදයක් සකස් කිරීම ආදී යෝජනා ගැන ලබා දී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කළ බවයි කාරක සභාව පවසන්නේ.