Spread the love

ගතවු පැය 24 .තුළ දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුම් වලදී පුද්ගලයින් 2,296 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිසෙන් 109 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර සැකකරුවන් 14 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

තවත් 184 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 218 දෙනෙකු මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පැවසුවේය.

අදාළ මෙහෙයුමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 170ක්, අයිස් ග්‍රෑම් 648ක්, ගංජා කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 600ක්, මාවා කිලෝග්‍රෑම් 46යි ග්‍රෑම් 285ක් සහ මත්පෙති 19,507 ක්ද සොයා ගෙන ඇත..