Spread the love

නාගොඩ සුමන .

හෙට (24) පෙරවරු 08.30 සිට පස්වරු 08.30 දක්වා පැය 12ක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසයි.

ඒ හේතුවෙන් ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවෙයි.
ඒ අනුව පෑලියගොඩ ,වත්තල ,ජා ඇල,කටුනායක හා සීදූව නගර සභා බල ප්‍රදේශ වලටත් කැලණිය,වත්තල ,බියගම ,මහර,දොම්පේ ,ජා ඇල,කටාන හා මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වලටත් ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල කප්පාදුව සිදුවෙයි.

වැඩිදුර විස්තර සදහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ශනික දුරකථන අංකය ඇමැතිය හැකිය.