Spread the love

ශ්‍රී ලංකාවෙන් පැතිකුදය (Scoliosis) රෝග තත්වය තුරන් කිරීමේ මෙහෙයුම් පා ගමන හා වෛද්‍ය සායනය අද (02) කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ආරම්භ වේ.

මෙරට දරුවන් දීර්ඝකාලීනව පීඩාවට පත්වන පැතිකුදය රෝගී තත්ත්වය තුරන් කිරීම සඳහා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පා ගමනේ අරමුණයි.

කොළඹ සහ ගම්පහ ජාතික පාසල් රැසක දරු දැරියන් සහභාගීත්වයෙන් (මාර්තු 02 සෙනසුරාදා) අද පෙරවරු 7.00 ට කොළඹ නිදහස් චතුරස්‍රයේ සිට විහාරාමහා දේවි උද්‍යානය දක්වා ගමන් කරන මෙම පා ගමන ප්‍රවාහන අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරයි.
පා ගමන අවසානයේ විහාරමහා දේවි උද්‍යානයේ දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් නොමිලේ පැවැත්වෙන වෛද්‍ය සායනය අද පස්වරු දෙක දක්වා පැවැත්වෙන බව ආචාර්ය වැලිකල මහත්මිය පවසන්නීය.

මෙම පා ගමනට හා සායනයට ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහයේ ජාත්‍යන්තර අංශයේ උප සභාපති ජිතු ජෝස් ,එම රෝහලේ ශල්‍යකර්ම ආයතනීය ප්‍රධානී සජන් කේ හෙග්ඩේ, එහි කොඳුවට පෙළ ශල්‍ය වෛද්‍ය විශේෂඥ අප්පායි ක්‍රිෂ්ණන්, වෛද්‍ය විග්නේෂ් සහ ඉන්දීය හා ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරු ද එක් වෙති.