Spread the love

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීම එහි පරීක්ෂණ වලට කිසිදු බාධාවක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (17) වන දින රැස්වූ අවස්ථවේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙම ප්‍රකාශය සිදුකළේය‍
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙහිදී කාදිනල් හිමිපාණන් විසින් ජනාධිපතිවරයාට යැවූ ලිපියක් පාර්ලිමේන්තුවේ සභාගත කරමින් අවධාරණය කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිගත නොහැකි බවයි.

විපක්ෂ නායක සජිත් පේමදාස –
ජාතික කතෝලික කමිටුව ජනාධිපතිතුමාට යවපු ලිපිය සභාගත කරනවා. ඒ පිළිබද කරුණු කරනා ඔබතුමාව දැනුවත් කිරීම මගේ වගකීමක්. එහි විමර්ශන සියයට අනූ නවයක් අවසන් කියපු කතාව කතෝලික කමිටුව ප්‍රතික්ෂේප කරනවා. මෙම පාර්ලිමේන්තු කාරක සභාව පිළිබදව කිසිදු විශ්වාසයක් නැති බව ඉදිරිපත් කරනවා. මේ තේරීම් කාරක සභාව පිළිගන්නට නම් මෙහි සභාපතිත්වය නම් කරන්න අපට භාර දෙන්න. යෝජනා කරන කමිටුවේ සංයුතිය සම සමව ඇති කරන්න. එසේ නොමැති නම් අපිට මේකට සහභාගි වීමට හැකියාවක් නැහැ. කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික බිසොප් තුමන්ලාගේ ප්‍රියතුමන්ලාගේ තීන්දුව මත අපි මේකට සහභාගි වනවාද නැද්ද කියන තීන්දුව ගන්නේ කියලා මම කියන්න කැමතියි.