Spread the love

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට මැදිහත් වූ සහ මෙහෙය වූ පුද්ගලයින්ට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බවයි අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන වාර්තා නැති වූයේ කෙසේද? ඒවායේ පිටු ගැලවුණේ කෙසේද? යන්න සොයා බලන බව ද පැවසුවේය.

ඒ පිළිබඳව කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවත්, මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, පාස්කු ප්‍රහාරය මෙහෙය වූ අයට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය‍.