Spread the love

ලංකාවෙම පිහිටි පාසල් දස දහස් විසි හයක් වසා දැමීමට හැකි වූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් කොළඹ පැවති විරෝධතාවය අමතමිනි.

පොලිසිය විසින් එම විරෝධතාවයට කඳුළු ගැස් හා ජල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු එම විරෝධතාවය අමතමින් ඔහු කියා සිටියේ ප‍්‍රහාරයට විරෝධය පාමින් අද දිනයේදී රට පුරා සියලු පාසල් වසා දමන බවයි.

ඊට සහභාගි වූ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ජයගෝෂා නගමින් එය අනුමත කළහ.