Spread the love

හම්බන්තොට අංක 01 වරාය පිවිසුම් දොරටුව අසල මුහුදේ දිය නෑමට ගිය 15 හැවිරිදි සිසුවෙකු (12) සවස දියේ ගිලී මියගොස් ඇතැයි හම්බන්තොට වරාය පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්තොට ධර්මපාල මාවතේ අංක 553 ලිපිනයේ පදිංචි සිතුම් දිනුජ කරුණාරත්න නමැති සිසුවාය.
ඔහු මුහුදේ ගිලෙනු දුටු ප්‍රදේශවාසීන් වහා ගොඩගෙන හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කලද ඒ වනවිටත් සිසුවා මියගොස් සිටි බව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය . හම්බන්තොට වරාය පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .