Spread the love

පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පිරිවෙන් සහ පාසල් සිසුන්ට නොමිලයේ පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් පල කළ ජනාධිපතිවරයා කියා සිටියේ පාසල් ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් නිරාකරණය කරගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බවයි.


එමෙන්ම දීමනා වැඩි කර තිබියදීත් උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු තවමත් ආරම්භ කර නැති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

මූලික අයිතිවාසිකම් කඩවීම් ගැන කතා කරන කිසිවෙකුත් සිසුන් ලක්ෂ 40කගේ මානව හිමිකම් ගැන කතා නොකරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කොළඹ දී පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයක් අමතමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව ප්‍රකාශ කලා.