Spread the love

අනුරාධපුර නගරයේ පාසල් දරුවන් ප‍්‍රවාහන කරන වෑන් රථ හා බස්රථ පරික්ෂාවකදි ප්‍රවාහනයට නුසුදුසු තත්ත්වයේ පසුවූ බස් රථ 65ක් සඳහා තහනම් නි‍යෝග ලබා දීමට මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව පවසයි.
එහිදී බස් රථවල සවි කර තිබූ අනවශ්‍ය අංගෝපාංග සහ නලා ඉවත් කර ඒවා අලූ‍ත්වැඩියා කිරීමෙන් අනතුරුව දින 14ක් තුළ පොලිසියේ සහ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගන්නා ලෙස එම රියදුරන්ට දැනුම් දී ඇතිබව එම දෙපාර්තමේන්තුව පවසයි.