Spread the love

නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියක් දුෂණය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු නෝටන්බ්‍රිජ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මීට ප්‍රථම නව හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කර ප්‍රදේශයෙන් පලාගොස් වසර 10 ක පමණ කාලයක් මාවනැල්ල ප්‍රදේශයේ වෙස් ව්‍යාපාරිකයෙකු ලෙස වෙස් වලාගෙන සැගව සිටියදි නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරු මාස පහක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට දැඩි ඇප කොන්දේසි මත මුදා හැර සිටි සැකකරුවෙකු බවයි නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල විජේරත්න මහතා කියා සිටියේ.

සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත පොලිසිය වෙත අත්සන් කිරිමට පැමිණ පසුව ඔහුගේ ඇපයට අත්සන් කල ඇයගේ සොහොයුරිකගේ නිවසට ගොස් සොහොයුරියගේ දියණිය දුෂණය කර ප්‍රදේශයෙන් පලාගොස් සිටියදි පොලිසිය වෙත දැරියගේ මව විසින් කරන ලද පැමිණිල්ල මත මාර්ග බාධක යොදා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

දුෂණයට ලක් වුවේ යැයි කියන පාසල් සිසුවිය දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත්, සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.