Spread the love

නිමල් රාජපක්ෂ-

නිත්‍යාකූල හා නීති විරෝධී මත්පැන් වලින් දුරස් වෙමින් අයිස් මත්ද්‍රව්‍ය වලට ශ්‍රී ලංකාව පුරා සිටින පාසල් සිසුන් බහුතරයක් ගොදුරු වන බවට තොරතුරු අනාවනරණය වී ඇතැයි අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් (ආදායම් මෙහෙයුම් හා නීති ක්‍රියාත්මක කිරීම් ) ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පවසයි.
සුරාබදු දෙපාර්තුමේන්තුව අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන වැටලීම් දිනෙන් දින ඉහළ ගොස් තිබේ. මන්ද මත් ජාවාරම් කරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සදහා විශාල වශයෙන් තරුණ තරුණියන් පොලඹවා ගැනීම සිදු කෙරේ .ඒ සදහා නොයෙක් ආකාරයෙන්, ඉතා සුක්ෂම අයුරින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන යන බවටත් වාර්තා වි ඇත.


බොහෝ පාසල් දරුව්න් අයිස් භාවිතයට යොමු වී ඇති බැවින් දෙපාපියන් විශේෂයෙන් ම තම දරුවාගේ හැසිරීම් රටාව පිළිබදව සැලකිලිමත් විය යුතුයි.
අයිස් මත් ද්‍රව්‍ය භාවිතා කලද නිිති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කල අයකු හැසිරෙන ආකාරයට හැසිරෙන් නැති බවත් ඹවුන්ගේ ලෝකවල සිටින ඇත. කිසිවකුට සොයා ගැනීමට නොහැකි වැන්නේ ගදක් හමන් නැති බැවිනි. මේ තුළින් සිදු වන ශාරිරික හා මානසික අවධානම නොදන්නා බැවින් දරුවන් අයිස් භාවිතයට යොමුවීම වැඩි වී ඇතැත් දෙමාපියන් දරුවන් සාද වලට යන විට ඒ පිළිබදව දැඩි ලෙස අවධානය යොමු කරන්නැයිද ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පැවසුවේය .

දිවයින පුරා සිටින සුරාබදු නිලධාරි.න් පැය විසිහතර පුරාම සීරුවෙන් සිටින බැවින් මත් ජාවාරම් කරුවන් නිතියේ රැහැනට ගන්නා අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් පුනරුත්ථානය කිරීමේ ක්‍රියාවලිය සදහා යොමු කිරිමට පියවර ගන්නා බවද පැවසුවේය.
තවදුරටත් අදහස් දැක්වු ආචාර්ය කපිල කුමාරසිංහ මහතා ,

වීඩියෝව නරඹන්න SUBSCEIBE කරන්න