නිමල් රාජපක්ෂ-
පාසල් දරුවන්ට අලෙවි කිීරීමට ගෙනා රුපියල් ලක්ෂ පහක් වටිනා මෙන්තෝල් බීඩි තොඟයක් කේ.ඩී.එච් වෑන් රථයක් සමගින් සැකකරුවන් දෙදෙනකු සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
නිකවැරටිය ප්‍රදේශයේ මෙන්තෝල් බීඩි රුපියල් පහලොවක් විස්සක් අතර මිලකට අලෙවි කරන බවත් පාසල් දරුවන් දැඩි ලෙස මෙම බීඩි පානය කිරීමට දැඩි සේ පුරු දු ඇති බවත් පවසමින් මෙම වසංගතයෙන් දරුවන් බේර දෙන ලෙසත් ඉල්ලා මෙය දිවයිනෙන් මුලිනුපුටා දැමන්නැයි පවසමින් සුරාබදු කොමසාරිස් ජනරාල් වරයාට පැමිණිල්ලක් ලැබී තිබේ.
එම පැමිණිල්ලත් සමගින් වහාම ක්‍රියාත්මක වු සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා විශේෂි කණ්ඩායමක් මෙය පරීක්ෂා කිරීමට යොමුකොට තිබේ. එහි ගිය විශේෂිත කණ්ඩායම අද පෙරවරුවේ නිකවැරටිය වෙළද සැල්වල කළ පරික්ෂාවකදි මෙන්තොල් බීඩි සොයා ගැනීමට සුරාබදු නිලධාරින් සමත්වි ඇත .

වෙළද සැල් හිමියන්ගෙන් එහිද කළ ප්‍රශ්න කිරීම් වලදි පිටස්තර පුද්ගලයකු මේන්තොල් බීඩි අලෙවියට ගෙනත් දෙන බව පවසා තිබේ .පසුව සුරාබදු නිලධාරින් අදාල ව්‍යාපාරිකයාට ඇමතුමක් ලබාදී බීඩි බන්ඩල සියයක් රැගෙන එන ලෙස ඇනවුමක් ලබා දීමෙන් පසු බීඩි තොගය අලෙවියට ගෙනා අවන්ථාවෙදී කේ.ඩී.එච් වෑන් රථ්‍ය සමගින් අදාල සැකකරුව අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති ක්‍රියාත්මක කිරීම් තිස්ස කුමාර මහතා පවසයි.
අදාල සැකකරුගෙන් වැඩි දුරටත් ප්‍රශ්න කිරීමේදි මාතර කඹුරුගමුව කොටවිල ප්‍රදේශයේ මෙන්තොල් බීඩි නිෂ්පාදනය කරන බවද අනාවරණය කිරීමෙන් පසු අදාල ස්ථානය වටලා බීඩි 2500 ක් සමගින් සැකකරුවක් කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
ඒ අනුව මෙන්තොල් බීඩි 43800 ක් සමගින් අත්අඩංගුවට ගත් වෑන් රථය හා සැකකරුව්න දෙදෙනා පිළිබද ඉදිරි විමර්ශන කටයුතු සිදු කොට සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා වෙත ඉදිරිපත් කොට දැඩි දඩුවම් නියය කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් උදය කුමාර පෙරේරා මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය සුරාබදු කොමාසාරිස් නිති ක්‍රියාත්මක කීරීම් තිස්ස කුමාර , දකුණු පලාත් සහකාර සුරාබදු කොමාසාරිස් සුමිත් චන්ද්‍ර කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත, වයඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නලින්ද ප්‍රසන්න කුමාර, මාතර සුරාබදු පරික්ෂක මංජුල ලියනආරච්චි ඇතුළු නිළධාරීන් මෙම වැටලීම සිදු කළහ.