Spread the love

වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුවෙකු මියගොස් තවත් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

වැල්ලම්පිටිය, වේරගොඩැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් පිරිසක් මෙලෙස අනතුරට ලක්වී ඇති බව පොලීසිය පැවසීය.

අනතුරට ලක්වී ඇත්තේ එම පාසලේ 01 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක්.

අනතුරින් තුවාල ලැබු සිසුන් 06 දෙනෙකු කොළඹ ජාතික රෝහලටත් එක් සිසුවෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කර තිබේ.

ජාතික රෝහලට ඇතුළත් කළ සිසුන් 06 දෙනාගෙන් එක් සිසුවෙකු මියගොස් ඇති අතර තවත් සිසුවෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.