පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා ලබා දෙන රු. 6,000ක දීමනාව
පසුගිය සිකුරාදා දිනයේ දී අස්වැසුම බැංකු ගිණුම් වෙත භාණ්ඩාගාරය හරහා නිකුත් කල බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදුකරන ලද “Household Survey on Impact of Economic Crisis – 2023” දත්ත සමීක්ෂණ අනුව අනාවරණය වී ඇතැයි ද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සදහන්
ඒ අනුව, පාසල් යන ළමුන්ගෙන් සියයට 55කගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි අහිතකර බලපෑම් ඇති වී ඇත.
මෙම ප්‍රතිශතය ග්‍රාමීය සහ වතු ආශ්‍රිතව වඩාත් ඉහළ අගයක් බව නිරීක්ෂණය වන බව ද සදහන්