Spread the love

රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

තෙවන පාසල් වාරයේ දෙවන අදියර ලබන වසරේ පෙබරවාරි මස 01 වනදා ආරම්භ වන බවද එම අමාත්‍යංශය සදහන් කරයි.

උසස් පෙළ විභාගය ලබන ජනවාරි මස 4 වනදා සිට 31 වනදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,298කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.