Spread the love

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (21) ආරම්භ කෙරේ.

ඒ අනුව පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 09 වනදා තෙක් ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව පාසල් සඳහා පසුගිය 12 වනදා සිට නිවාඩු ලබාදී තිබිණ.