Spread the love

පාර්ලිමේන්තුවේ සම්මත කරන යෝජනාවක් හරහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එළඹෙන අලුත් අවුරුද්දෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන මොවුන් අදහස් හුවමාරු කරගෙන ඇත.

ඒ සඳහා කැමති මන්තීන් ප්‍රමාණය නිශ්චිත වශයෙන් ගණනය කිරීමටද ඔවුන් තීරණය කර ඇත.

මෙම සාකච්ඡාවන්හි දී මතුව ඇති කරුණු පක්ෂයේ නායකයන්ට වාර්තා කර අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.