Spread the love

වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භකිරීමට කටයුතු යොදා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
යම් යම් ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍යවන අතර එම ප්‍රතිසංස්කරණ හඳුනාගෙන ඊට අදාළ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව පසුගිය 25 වනදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උපදේශක කාරක සභා රැස්වීමේදී සිදුකළ යුතු කාර්යයන් හඳුනාගෙන නාගරික සංවර්ධන අධිකාරියේ සහ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ මැදිහත්වීමෙන් එම කටයුතු සිදුකිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර දීමට ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණි ඇති බව රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.