Spread the love

සීදුව පොලිස් වසමේ කොළඹ – මීගමුව මාර්ගයේ ලියනගේමුල්ල ප්‍රදේශයේ දී වෙළෙඳ සැලක සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදුව ඇති බවට සීදුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.

තුවාලකරු මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 51 ක් වූ ලියනගේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

මරණකරු තමා විසින් පවත්වාගෙන යනු ලබන මහන යන්ත්‍ර උපාංග අලෙවිසැලේ සිටියදී වෙළඳසැල තුළට ඇතුළු වූ පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති අතර සැකකරුවන් පැමිණි ආකාරය හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත

මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.