Spread the love

හෝමාගම සුවපුබුදුගම පදිංචි ව සිටි පෙරපාසල් ගුරුවරියක ගෙන් රුපියල් ලක්ෂ 20ක කප්පමක් මුදලක් ඉල්ලමින් තමන් පතාල නායකයකු බව පවසා මරණීය තර්ජන එල්ල කළ සුවපුබුදුගම ග්‍රාම නිලධාරීවරයා මිරිහාන විශේෂ වංචා විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු එම මුදල ඉල්ලා එම ගුරුවරියට වරින් වර දුරකථන ඇමතුම් ලබා දී තර්ජනය කර තිබේ

අත්අඩංගුවට ගත් සැකකරු අද (11) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.