Spread the love

ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 31 කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 116 ක් ලබා ගත්හ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උදේශිකා ප්‍රබෝධනී, සුගන්දිකා කුමාරි හා චමරි අතපත්තු කඩුලු 3 බැඟින් බිඳ හෙළීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 85 ක් පමණයි.