Spread the love

රොටුඹ පොලිස් වසමේ දන්ලන්දහේන ප්‍රදේශයේ නිවසක කැපුම් තුවල සහිතව වැටී සිටි පුද්ගලයෙකු ඌරුබොක්ක රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළු කිීරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව
පොලීසිය ලද තොරතුරුකර අනුව , ඊයේ (05) මේ සම්බන්ධයෙන් අදාල පුද්ගලයාගේ නිවස වෙත ගොස් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයාව ඌරුබොක්ක රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

එම අවස්ථාවේ දී තුවාලකරු මියගොස් ඇති අතර, එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 39ක් වු පොතුවිල, කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ, මියගිය පුද්ගලයා රොටුඹ දන්ලන්දහේන ප්‍රදේශයේ තරුණියක් සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇති බවය.

තරුණියගේ නිවසට මියගිය පුද්ගලයා ඊයේ උදෑසන ගොස් ඇති අතර, එම අවස්ථාවේ දී තරුණියගේ පවුලේ අය සමග ඇති කරගත් ආරවුලක් හේතුවෙන් තරුණියගේ පියා සහ සහෝදරයා පහරදීමක් සිදුකර ඇති බවයි

මියගිය පුද්ගලයා එහිදී පිහියකින් සහ උදැල්ලකින් පහරදීම සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් තරුණියගේ පියා සහ අවුරුදු 19ක් වු සහෝදරයා අත්අඩංගුවට පත්ව ඇත.