Spread the love


නිමල් රාජපක්ෂ-

පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වු අංක535 දරණ සිඝ්‍රගාමී කාර්යාල දුම්රියේ ඊයේ (20) කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි දුම්රිය ආර්කෂක නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් ඹවුත් අත්අඩංගුවට ගත් දුම්රිය ප්‍රවේශපත්‍ර උදුරාගෙන දුම්රිය ආරක්ෂක නිලධාරියකට අනවශ්‍ය ලෙස බලපෑම් කර පහරදීමක් සිදුකළ දසදෙනෙකුගේන් යුත් කල්ලියක එක් අයකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් තල්ලුකර කලහකාරි ලෙස හැසිරුනු තවත් අය සිටින බැවින් ඹවුන්ගේ මුහුණු මතක බැවින් ඉදිරියේදී ඹවුන්ද අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි. කලහකාරී කණ්ඩායම දෙමටගොඩ දුම්රිය ස්ථානයෙන් බැස ගිය බවද දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසයි.
අත්අඩංගුවට ගත් එක් සැකකරු වැඩි දුර පරික්ෂණ පැවැත්විම සදහා දෙමටගොඩ පොලිසියට බාරදී ඇත.

පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වු කාර්යාල සිඝ්‍රගාමී දුම්රියේ කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවේදි 3 වන පංතියේ ප්‍රවේශපත්‍ර රැගෙන 2 පංතියේ ගමන් කල මගින් 60 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවන් 25 දෙනෙකු කොටුකර ගත් බව ද කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරි සුසිල් ප්‍රේමලාල් මහතා පවසයි.
ප්‍රවේශපත්‍ර පරික්ෂාව රාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා සිදු කලහ
මෙහිදී අත්අඩංගුවට ගත් මගින් 60 දෙනාගෙන් ඒ මොහොතේම 37 දෙනෙකුගෙන් රුපියල් 1 16780 / දඩ මුදලක් අයකර ගෙන තිබේ. ඉතිරිි මගීන් ඒ මොහොතේ දඩ ගෙවීමට නොහැකි බැවින් ඇපකර තබා ගොස් ඇතැයිද පැවසුවේය.
මගින් ප්‍රවේශපත්‍ර ලබාගෙන තමන්හිමි පංතියේ ගමන් කරන්න. දිගින් දිගටම ප්‍රවේශපත්‍ර පරික්ෂාව මින් ඉදිරියටත් සිදු කරන බැවින් කවුරු හෝ හොරට ගමන් කල හොත් තමන්ට හිමි පංතියේනොමැතිව වෙනත්ඉහළ පංතියක ගමන් කර අසුවුවහොත් තරාතිරම නොබලා දඩුවමු පමුණුවන බවද දුම්රිය ආර්කෂක නිලධාරීන් පවසයි.

දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත , සහකාර අධිකාරී කරුණානායක මහතාගේ අධික්ෂණයෙක් , කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරි සුසිල් ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීමෙන් , උප පරික්ෂකවරන් වන නෙලුම්දෙණිය ,ලෙස්ලි , සැරයන්වරුන්වන රොෂාන් ප්‍රියන්ත, පුෂ්ප කුමාර ,රත්නසිරි, නසාර් ,රණතුංග , ආරක්ෂක නිලධාරීන් වන ලලිත් , ගුණරත්න , නානායක්කාර ,කාන්තා ආරක්ෂිකා සේපාලි ඇතුළු නිලධාරීන් මෙම වැටලිම සිදු කළහ.